One Indian Girl by Chetan bhagat ( පළමු කොටස)

FINAL half girlfriend

පෙරවදන

සමහරු තීරණ ගැනීමේදී ඉතාම දක්ෂයි. මම එහෙම කෙනෙක් නෙවෙයි. ඒ වගේමයි සමහරුන්ට ඇඳට ගියපු ගමන් නින්ද යනවා.  මම එහෙම කෙනෙකුත් නෙවෙයි.  වෙලාව උදේ 3 යි.  මගේ විවාහයට හරියටම තව පැය පහළොවයි. ඒත් පැය දෙකක් තිස්සෙ මම තාමත් නින්ද එනකම් ඇඳ උඩ. මේ වෙනකොටත් දෙසියකටත් වඩා පිරිසක් ගෝවා වල තියෙන මේ හෝටලයේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ හෙට තියෙන මගේ මංගල්‍යය වෙනුවෙන් සහභාගි වෙන්න. ඒ ඔක්කොම මගේ ආරාධිතයො. මේක ඉතින් මෙහෙතා පවුලෙ ඉහළින්ම ගන්න පළවෙනි මගුල නේ.

මනමාලි උනාම ලස්සනට ඉන්න ඕන. ඒක නිසා කලින් දවසෙ කලින් නිදාගන්න ඕන. ඒත් දැන් කරන්න අමාරුම වැඩේ ඒක තමයි. මොනව උනත් මේ වෙලාවෙ හැටියට මට ලස්සන ගැන හිතනවට වඩා මම දැන් වැටිල ඉන්න අවුලෙන් ගොඩ එන ක්‍රමයක් ගැන හිතන්න වෙලා තියෙන්නෙ. හැමදාමත් වෙනව වගේ මොනව කරන්නද කියල හිතාගන්න බැරුවයි දැන් මම ඉන්නෙ.

පළමු පරිච්ඡේදය

“මොනවද ඔයා මේ කියන්නෙ ? රූම්ස් ගාන මදි ? ”
මම ගෝවා මැරියට් හෝටලයේ ලොබි මැනේජර් අර්ජිත් බැනර්ජි ගෙන් විමසුවා.

“මෙහෙමයි මම ඒකෙන් කියන්න හැදුවෙ … ”
අර්ජිත් ආචාරශීලිව විස්තර කරන්න පටන් ගනිද්දිම අම්මා මැදට පැන්නා රිශෙප්ශන් එකෙ ඉන්න ඔක්කොටම ඇහෙන තරම් සද්දෙන් කෑගහගෙන

“මේක මගේ දුවගෙ වෙඩින්ග් එක, ඔයා හදන්නෙ අපිට ලැජ්ජ කරන්නද ?”

“නෑ මිස් රූම්ස් විස්සක මදිපාඩුවක් තමයි තියෙන්නෙ. ඔයාලා රූම්ස් 100ක් ඉල්ලුවත් අපි පොරොන්දුවෙලා තිබුනෙ 80ක් විතරයිනේ. අපි හිතුවෙ තව රූම්ස් කීපයක් දෙන්න පුලුවන් වෙයි කියල ඒත් මහ ඇමති තුමාගෙ උත්සවයකුත් වැටුණු නිසා ..”

“ඇමරිකාවෙ ඉඳල වෙඩින්ග් එකටම ආපු අයත් ඉන්නවා. දැන් අපි මොනවද කියන්නෙ ආපු මිනිස්සුන්ට ?”
අම්මා ඇහුවා.

“පොඩි අදහසක් හැටියට මම මේ කියන්නෙ තව හොටෙල් එකක්නම් තියෙනවා කිලෝමීටර් දෙකක් විතර එහයින්”

“අපි ඔක්කොම ඉන්න ඕන එකට. ඔයා හදන්නෙ කොහෙන්දෝ පහත්වුනු ආණ්ඩුවෙ උත්සවයක් නිසා මගේ දුවගෙ වෙඩින්ග් එක  අවුල් කරන්නද ?”
තරහෙන් පුපුරන ගමන් සද්දෙට හුස්මක් අරගෙන අම්ම ඇහුවෙ තර්ජනය කරනව වගේ.

“අම්මේ යන්නකො ගිහින් වාඩිවෙන්න තාත්ත ඉන්න තැනින්. මම මේක බේරුම් කරගන්නම්.”

මම එහෙම කියද්දි අම්ම මගේ දිහා බලන් හිටියා. මනමාලි කොහොමද මේ ඔක්කොම කරන්නෙ. හරිනම් මම වද වෙන්න ඕන මගේ ෆේශල් එක ගැන, මේ රූම් ප්‍රශ්ණ නෙවෙයි.

“මනමාලයගෙ පැත්තෙ අය එන්න තව පැය තුනක්වත් නෑ. මටනම් මේක හිතාගන්න බෑ මේක.”  ලොබියෙ මැද තිබුනු සෝෆාවට යන ගමන් අම්මා මුමුණන්න පටන්ගත්තා.  තාත්ත එතන වාඩිවෙලා හිටියෙ කමල නැන්දත් එක්ක. එයා තාත්තගෙ වැඩිමල්ම අක්කා. අනිත් අන්කල්ලයි ඇන්ටිලයි ලොබියෙ තිබුනෙ අනිත් සෝෆා වල වාඩිවෙලා හිටියෙ නිකන් මෙහෙතලා ගෝවා මැරියට් හෝටලේම අල්ලගත්තා වගේ. අම්ම තාත්තා දිහා බැලුවෙ හැරියට ඔයා මොනවත්ම කරන්නෙ නැද්ද මේකට වගේ. එතකොටම තාත්තා පොඩ්ඩක් එහාට වෙලා සීට් එක දුන්න. මම ආයෙත් ලොබි මැනේජර්ගෙ පැත්තට හැරුණා.

“දැන් අපි මොකද කරන්නෙ අර්ජිත් ? අපේ මුළු පවුලම දැන් මෙතන” මම ඇහුවා.

අපි දිල්ලි වල ඉඳල උදේ ෆ්ලයිට් එකෙන් ගෝවා ආවෙ. ගුලාටිස්ලා, මනමාලයගෙ පැත්තෙ අය හවස තුනට මුම්බායි වලින් නැගලා හතර වෙද්දි ගෝව වලට එනවා. අපි හයර් කරපු කාර් විස්සකින් ඒගොල්ලො හොටෙල් එකට හවස පහ වෙද්දි එන්න නියමිතයි. මම දැන් වෙලාව බැලුවා හවස 2.30යි.

“මැඩම් අපි විශේෂ මේසයක් සූදානම් කරල තියෙනවා මෙහෙතා-ගුලාටි වෙඩින්ග් එක වෙනුවෙන්. අපි දැන් ඔයාලගෙ පවුලෙ අය හොටෙල් එකට ඇතුල් කර ගන්න පටන් ගන්නවා”  ලොබියෙ ඈත කොනක තිබු තාවකාලික කවුන්ටරයක් පෙන්වමින් අර්ජිත් පවසන්නටවුනා. සෑමවිටම මුහුණ සිනහවින් පුරවාගෙන සිටිනවායැයි සිතිය හැකි කාන්තාවන් තිදෙනෙක් එහි අසුන්ගෙන සිටිනු දකින්නට ලැබුණි. ඔවුන් තිදෙනා සෑම අමුත්තෙක්ම දෑත් එකතු කර ආචාර කරමින් පිළිගනු ලැබුවා. සෑම අමුත්තෙක්ටම සිප්පි කටු වලින් නිමවන ලද මාලයක්, කාමරයේ යතුරු සහ මැරියට් හෝටලයේ සිතියමක් සමග විවාහ උත්සවයේ තොරතුරු අඩංගු පත්‍රිකාවක්ද ලබාදෙනු දකින්න ලැබුනා. එම පත්‍රිකාව් විවාහ මංගල්ල්‍යයට අදාල සියලුම තොරතුරු , වේලාවන් හා උත්සව පැවැත්වෙන ස්ථාන පිළිබඳ සියලුම තොරතුරු අඩංගුව පැවතුනා.

“අපේ පැත්තෙ අයට කාමර 50ක් ඕන, ගුලාටිස්ලටත් තව 50 ඕන වෙනවා” මම කිව්වා

“මැඩම් ඔයාලා කාමර 50ක් ගත්තොත් එයාලට ඉතුරු වෙන්නෙ 30ක් විතරයි.” අර්ජිත් උත්තර දුන්නා.

“කොහෙද සුරාජ් ?” මම ඇහුවා. සුරාජ් තමයි අපේ වෙඩින්ග් එක වෙනුවෙන් පත්කරගත් ඉවෙන්ට් මැනේජර්. මූන්ශයින් ඉවෙන්ට්ස් සමාගමේ හිමිකරු.  “අපි අන්තිම විනාඩියත් ප්ලෑන් කරලයි තියෙන්නෙ” එයා එහෙමයි මට කියල තිබුනෙ.

“සුරාජ් එයාර් පෝර්ට් එකට ගිහින්”

“ඔක්කොම හරිද දුව” සෙමින් සෙමින් අප දෙසට පැමිණෙමින් තාත්තා අසන්නට වුනා.

මම ඔහුට තත්වයේ බැරෑරුම්කම පැහැදිලි කර දුන්නා.

 “කාමර තිහයි !! ගුලාටිස්ලගෙ අමුත්තො 120ක් ඉන්නවා” තාත්තා කිව්වා.

“ඒක තමයි මම කිව්වෙත්” අත් දෙකම විහිදුවමින් මම ප්‍රතිචාර දැක්වුවා.
ඒ එක්කම අම්මයි කමල ඇන්ටියි දෙන්නත් කවුන්ටරයට ලඟාවුනා.

“මම සුදර්ශනටත් කිව්වා, ඇයි මේ ගෝව එන්නම ඕන උනේ. දිල්ලි වල කොච්චර හොඳ රිශෙප්ෂන් හෝල් තියෙනවද ? ඔයාලාට වියදම් කරන්න සල්ලි හුඟක් තියෙනව වගේ කියලා”  කමල ඇන්ටි කතාවා පටන් ගත්තා.
මට ඉතින් කියන්න දේවල් හිතට ආව ඒත් අම්ම බලපු විදිය නිසා නිකම් හිටියා. මොනව උනත් එයාලා අපේ අමුත්තොනේ. මම මටම කියාගත්තා.
“අපේ පැත්තෙන් කීදෙනෙක් ඉන්නවද ? ” අම්ම ඇහුවා.

“මෙහෙතා පවුලෙන් 117 දෙනෙක් ඉන්නවා මැඩම්” ලැයිස්තුව පරීක්ෂාකරමින් අර්ජිත් පිළිවදන්දුන්නා.

“ඔක්කොම තියෙන්නෙ කාමර 80ක් නම්, එක පැත්තකට කාමර 40යි. ” “අපි කාමර බෙදන විදිය වෙනස් කරමු. කට්ටිය ඇතුල් කරන  එක දැන්මම නවත්තන්න” මම කිව්වා.
එවිටම අර්ජිත් ඈත් කවුන්ටරයේ තරුණියන් තිදෙනාට සන් කරමින් අමුත්තන් ඇතුල්කිරීම නවතන ලෙස දැනුම් දුන්නා. එතෙක් එල්ලාගෙන සිටි සිනහව නවතා දමමින් ඔවුන් සිප්පි කටු මාල නැවතත් ලාච්චු තුලට දමන්නට වුනා.

“අපි කොහොමද කොල්ලගෙ පැත්තෙ අයගෙ කාමර ගාන අඩු කරන්නෙ ? ” අම්මා කම්පනයට පත් ස්වරයෙන් විමසුවා.
“වෙන මොනව කරන්නද ? ” මම ඇහුවා.
“ඒ ගොල්ලොන්ට කාමර කීයක් දෙන්නම් කියලද කිව්වෙ”
“පණහක්, දැන්ම එයාලට කතා කරමු ඒ ගොල්ලො එන ගමන්ම කාමරවල ඉන්න විදිය කතා කර ගනීවි”

“අපි කොහොමද මනමාලයගෙ පැත්තෙ අයට එහෙම කියන්නෙ ? ” අපර්ණා, ඔයා දන්නවනේ” කමල ඇන්ටි ඇහුවා.
අම්මා කමල ඇන්ටි දිහාත් මම දිහාත් බැලුවා.
“ඒත් එහෙම නැතුව අපි කොහොමද කාමර තිහක් මැනෙජ් කරගන්නෙ ? එහෙම කියන ගමන් මම තාත්ත ඉන්න පැත්තට හැරිලා ” තාත්තෙ කතාකරන්න එයාලට”

“සුදර්ශන්, එයාල එන්නත් කලින් අවනම්බු කරන්න හදන්න එපා. අපිට රූම්ස් තිහක් ඇති. කොහොමහරි අපි ඉඳිමු. ටිකදෙනෙක් බිම නිදාගත්තත් කමක් නෑ ” කමල ඇන්ටි කියවන්න වටන් ගත්තා.

“කවුරුවත් බිම නිදාගන්න ඕන නෑ. මට සමාවෙන්න මේ විදියට වැඩේ අවුල් වෙච්ච එක ගැන. දෙපැත්තටම කාමර හතලිහ ගානෙනම් එක කාමරේකට තුන් දෙනයි. වැඩිපුර ඉන්නෙ පොඩි ලමයි නිසා ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ ” මම කිව්වා.
” නෑ, අපිට තිහක් ඇති” අම්ම කියනවා.
” අම්මේ ? ඒ කියන්නෙ ගුලාටිස්ල හොඳට ඉඩකඩ ඇතුව ඉන්න අතරෙ අපි හතර දෙනෙක් එක කාමරේක ඉන්න වෙනවා. නෑ අපි එයාලට කියමු” මම කිව්වා.
“නෑ නෑ අපිට බෑ එහෙම කරන්න”

ඇයි ?

“එයාලා කොල්ලගෙ පැත්තෙ අය ඔයාට තේරෙන්නෙ නැද්ද ? “

මට ඕන උනේ නෑ අද වගේ දවසක තව දුරටත් මේ ගැන වද වෙන්න. විශේෂයෙන්ම හොටෙල් එකට ආපු ගමන්ම. මම තාත්තටවත් මේක තේරුම් කරන්න හැදුවා.

” තාත්තෙ මේක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි. එයාලා තේරුම් ගනීවි. අපි මෙහේ ඉන්න දවස් හයම එහෙම ඉන්න එක ලේසි නෑ “

තාත්තට කොහොම කිව්වත් වැඩක් නැති බව මම දන්නවා. එයාව පාලනය කරන දුරස්ථ පාලකය තියෙන්නෙ එයාගෙ බිරිඳ ලඟයි, සහෝදරිය ලඟයි. දැන් ඒ දෙන්නම දරන්නෙත් එකම අදහස නිසා තාත්තට මේව කිව්වට වැඩක් නෑ.

“දුව, මේවා චාරිත්‍ර. ඔයාලට තේරෙන්නෙ නෑ. අපි එයාලව සැපපහසුව තියන්න ඕන. මනමාලිගෙ පැත්ත ඒවා විඳ දරාගන්න ඕන” ඔහු පවසන්නට වුනා.

තවත් විනාඩි කිහිපයක් මේ විදියට වාද කරත් වැඩක්වුනේ නෑ, අන්තිමට මනමාලිගෙ පැත්ත විදියට ඒවා විඳ දරාගන්න මටත් කැමතිවෙන්න සිදුවුනා.

One thought on “One Indian Girl by Chetan bhagat ( පළමු කොටස)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s